Skip to Main Content

Sinhalese Rhythm
Tuesday September 15th, 2020 with Priyantha Wijeweera
Concepts of Sinhalese Short-story Creative Writing කැකිරාව දෙබෑව විද්‍යාලයේ මුදලිහාමි

"අන්න නොම්මරය කියනවා. මුදලිහාමි යන්න. හොඳ පුතා වගේ කප් එක ගහන්න..." "මට බැරි වෙය් ද මේ ළමය් එක්කලා දුවලා දිනන්න? මේ ඇත්තො කොළඹ කොලීජිවල ළමය්. ඔක්කොම මට වැඩිය ලොකු ය්. ඒ ඇත්තන්ට කොලීජියේ දී දුවන්නත් උගන්වනවාලු. දුවන්න ඉගෙන ගන්න තියෙන්නෙ මොනවා ද? එදා මම ටිකිරි අය්යාගේ රබ්බඩ නාම්බා පස්සෙන් අඹලා ගිහින් ඉස්සරහ රැක්කෙ ඉගෙන ගෙන යැ. මං හරක් කී දෙනෙක් පස්සෙන් අඹලා අල්ලලා තියෙනවා ද? ඒත් මේ වාගේ හොඳට සුද්ද කරපු පිට්ටනිවල යැ. කටුගාල අස්සෙන් ගල්මුල් උඩින් වැටවල් උඩින් පැන පැන නේ හරක් පස්සෙ අඹන්නෙ. නෑ මට දිනන්න පුළුවනි. මං දිනුවොත් අපේ අප්පොච්චලා අම්මලා මල්ලිලා හෙම හරියට සතුටු වෙය්..." "කමෝන් සරෝජ්..කමෝන් ප්‍රියාන්..කමෝන් ජනක්..." කව්ද ඉතින් 'කමෝන් මුදලිහාමි' කියන්න ඉන්නේ? එදා ඉස්කෝලෙ දී නං 'කමෝන් මුදලිහාමි' කියලා අපේ නිවාසෙ ළමය් කෑ ගැහුවා. එතකොට මගේ හිතට ලොකු හය්යක් ආවා "දැන් හරි...උල් සපත්තුකාරයා පහු වුණා. මිනිහාට මගෙ කකුල පෑගෙය් ද? කකුල් කැඩිලා ගියත් කමක් නෑ...තවත් හය්යෙන් දුවන්න ඕනෑ. දැන්නං උගුර කට හොඳට ම වේළිලා. ආ! සපත්තු සද්දෙ ළඟ ම ඇහෙනවා. ආපසු බලන්න හොඳ නෑ. දැන් පටිය ළඟය්. කොහොම හරි ඒක බිඳ ගෙන ම යනවා. පටිය කඩා ගෙන ගියාට පස්සේ මැරිලා වැටුණත් කමක් නෑ ..." මෙන්න තවත් තරග ප්‍රතිඵලයක්. "දහ තුනෙන් පහළ මීටර සීය දිවීමේ තරගය. පළමු වැනි ස්ථානය: අංක විසි හත කැකිරාව මණ්ඩලයේ දෙබෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි..." යකඩ කටින් එහෙම කියනවා මට හීනෙන් වාගෙ ඇහුණා. එතකොට ම සෙනග කෑ ගහන්න අප්පුඩි ගහන්න පටන් ගත්තා. හරියට බටකැලේ ගිනි ගත්තා වගේ. තවත් මොනවා දෝ යකඩ කටින් කිව්වා. සෙනග අප්පුඩි ගහන සද්දෙ හින්දා ඒවා මට ඇහුණේ නෑ..." "මුදලිහාමි දිනන බව මම සහතිකෙන් ම දන්නවා. හොඳ කොල්ලා." අලුත් මහත්තයා මගේ කිහිලි දෙකෙන් ම උස්සලා මාව බිමින් තියලා මගේ ඔළුව අත ගෑවා. එතකොට මහත්තයාගෙ ඇස්වල කඳුළු පිරුණා. සතුටෙ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා.
Aradhana (Jeewithaye thani mansala)
W D Amaradeva -
Duwe nuba mage pranayai
Sunil Edirisinghe -
Gahaka mal pipila
Karunarathna Divulgane -
Ho gana pokune
from the Sinhala movie Ho Gana Pokuna -
Kandula niwannam
Priyani Jayasinha -
Unmaada wu premadare
Kamal Addarachchi & Damayanthi Jayasuriya from the Sinhala movie Saptha Kanya -
from internet
Suranga Lakmal (Cricket) commentary info -
"මීටර සියය" කෙටි කතාව
සිංහල භාෂාව හා සාහිත්‍යය - 9 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව (2017) -
Interactive CKCU