Sinhalese Rhythm
Tuesday February 6th, 2018 with Priyantha Wijeweera
රත්න ශ්‍රී විජේසිංහ - ගුණදාස කපුගේ සුසංයෝගය Lyricist Rathna Sri Wijesinha and Music Composer-Vocalist Gunadasa Kapuge
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව දෝ..
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි..විලාපය නඟයි..!
කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ; සංගීතය සහ ගායනය: ගුණදාස කපුගේ
Ae mage nelum mala Lyrics Rathna Sri Wijesinha Music Gunadasa Kapuge Vocals Gunadasa Kapuge - Album Irabatu Tharu by Nilwala Enterprises |
Allata shilpa singa Lyrics Rathna Sri Wijesinha Music Gunadasa Kapuge Vocals Gunadasa Kapuge - Album Irabatu Tharu by Nilwala Enterprises |
Bimbarak Lyrics Rathna Sri Wijesinha Music Gunadasa Kapuge Vocals Gunadasa Kapuge - - |