Skip to Main Content

Sinhalese Rhythm
Tuesday June 23rd, 2020 with Priyantha Wijeweera
Ancient Sinhalese Civil Engineering: Irrigation Technology පුරාණ හෙළ වාරි තාක්ෂණය

මාදුරාඔය වැව් රජ ප්‍රියන්ත විජේවීර (විදුසර විද්‍යා සඟරාවේ පළවූවකි) මහාවංශය පවා තැතිගෙන දෙස් තියන්නී සාප ගිනි වැද ගොයම් මල්වල සුවඳ තැවරී කුඹුක මුදුනේ සිඳුන තලමල වාරිවංශය හොවා දණ ඇන දඬු මොණරයෙන් වඩින යන්තර වේලි තනනා හඬට ඇස් ඇරි මහලු වී ගිය සොරොව් නටඹුම මගේ දෙස මට උරුම කරදුන් ශිල්ප සමුදුර වාරි ජලකඳ කඩා බිඳ හැර කෑළෑ ගත කළ රකුසු රැළ රැකි නාග මුරගල විදු නැණින් ජයකෙහෙලි නැංවූ ජාතියක පිටකොන්ද බිඳ හළ කඳුලු රකිනා පාලු වන මැද මාදුරා ඔය වාරි වැව් රජ! සටහන: මෙම නිර්මාණය මාහට පහළවුයේ 1980 දශකයේ මාදුරු ඔය ජලාශය ඉදිකෙරෙමින් තිබෙන අතර ප්‍රථම වරට මෙම නටබුම දුටු විගස මාහට ඇතිවූ ක්ෂණික තිගැස්සීමේ ප්‍රතිපලයක් ලෙසිනි. නූතන මදුරාඔය ජලාශය, මහසෙන් රජ සමයේ ඉදිවූ බවට මහාවංශයේ සඳහන් (මහා දාරගල්ලක) “මාදරගල වැව” හෝ "මහසෙන් වැව" ලෙසින් ප්‍රති-නාමකරණයක් කළ යුතුයැය් යෝජනා කරනු කැමැත්තෙමි. ඒ, එය අපේ සිවිල් ඉංජිනේරු මුතුන්මිත්තන්ට කෙරෙන ගෞරවයක් මෙන්ම, නූතන පරපුරට විද්‍යාත්මක උත්ප්‍රේරකයක්ද විය හැකි බැවිනි.
Etha epita gamnanen
Sanath Nandasiri -
Punsanda reta
Nirosha Virajini -
Me tharam siyumalida kalugal
Sunil Edirisinha -
Davasak pela
Gunadasa Kapuge -
Rathnadeepa janma bhumi
WD Amaradewa -
Sandakadapahanaka
Sunil Edirisinha -
Himi nethi pemakata
Malini Bulathsinhala -
Tharuda nidana maha re
Nanda Malini -
Sath ruwan aara
Janaka Wickramasinha -

ආශ්‍රිත ග්‍රන්ථය: ශ්‍රී ලංකාවේ ආදි ඉතිහාසය - කෙටි හැඳින්වීමක්; රාජ් සෝමදේව 2016 ගුරුළුගෝමි ප්‍රකාශකයෝ, මහරගම (මෙහි අඩංගු අදාල හඬපට උපුටාගත්තේ අන්තර්ජාලයෙන් බව කරුණාවෙන් සලකන්න.) -
Interactive CKCU