Sinhalese Rhythm
            
Tuesday February 18th, 2020 with Priyantha Wijeweera
සාගර පලන්සූරිය Sinhalese poet Sagara Palansuriya
        
        
			
            
            
            
	මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද
උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා
ඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක
ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට
ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා
මට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා
සුදෝ සුදු (සාගර පලන්සුරිය) කාව්‍යයෙනි
There are no tracks in this playlist.

 Subscribe to Sinhalese Rhythm