Sinhalese Rhythm
Tuesday December 26th, 2017 with Priyantha Wijeweera
පැරණි ලක්දිව සමාජයේ මාතෘ ගෞරවය (status of motherhood in ancient Sri Lankan society)
තවත් කුරුළු මවක් ...
කැදැල්ල විසිරුනා - කුරුළු පැටව් ඉගිල්ලුනා
කඳු වළලු වලින් එහා - මුහුදු හතින් එහා
නොපෙනෙන ඈත රටට - උන් ඉගිල්ලුනා
කුරුළු මවක් තනිවුනා
නැතිවුණු පැටවුන් සොයමින් - දරු සෙනෙහසින් එදා
පෙඳෙන් මුහුද ඉස්ස - ලේන් කිරිල්ලිමද මෙදා
දැලකින් සුළං බදන්නේ - හැරගිය පැටව් සොයන්නේ
මේ මාදං ටික චූටි පුතාටය් - එයා ඒවට හරි ආසය්...
කුරුළු පනා තුඩින් තෙල් ගා හිස පීරා -
පොඩිවුණු කමිස පොඩිය පියාපතින් මැද
පියාඹන්න උගන්වන්න පාසැල් යැව් දින -
නුඹ දෙපා නැමද හැඬුවා - මතකය් මට තව
මද්දුමීට කොහොමද දන්නෑ ...
ජේත්තු මහත්තයා ඉස්සර කරගෙන -
කිචිබිචි දරු පැටවුන් රොත්තත් අරගෙන
ගල්කරඬුය් කොත්තමල්ලි පැසකුත් බැඳගෙන -
එන පෝයදාට මා බලන්න ඒවිද
සිල් අම්මා වඳින්න ඒවිද
ලොක්කා දැන් ලොක්කෙක් වෙන්නැති
ඉහළ අත්තක ලොකු කූඩු හදා ඇති
ගිජුලිහිණියනුත් ලොකුගෙ ලඟදි දණ නමනව ඇති
ඒත් ඉඳහිටවත් ලොකුට මාව මතක් වෙනව ඇති ...!
ප්රියන්ත විජේවීර (දෙසැම්බර 26, 2017)
Sinhalese Rhythm, CKCKU FM 93.1 radio
ආදරයේ උල්පත වූ අම්මා Adaraye ulpatha Lyrics Premakeerthi de Alwis Music Victor Rathnayaka Vocals Victor Rathnayaka - - |
අම්මාවරුනේ Ammawarune Lyrics Sunil Sarth Perera Music Premasiri Khemadasa Vocals Nanda Malani - - |
අංගුලිමාල සූත්රය Angulimala sutta_ Ven. Kiribathgoda Gnanananda-himi - - |
සදවට රන් තරු Sanda wata ran tharu (Torana Music) Lyrics? Music? Vocals (original CT Fernando) this version Priyantha Fernando - - |
දරුවෝ ඇති අම්මාලා Daruwo athi ammala Lyrics? Music? Vocals Neela Wickramasinha - - |
දවසක් පැල නැති හේනේ Dawasak pala nathi hene Lyrics Ranbanda Senevirathna Music Gunadasa Kapuge Vocals Gunadasa Kapuge - - |
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ Dewani budun lesa Lyrics Sunil Ariyarathna Music Rohana Weerasinha Vocals Sunil Edirisingha - - |
සැළලිහිණි සංදේශය කවි Selalihini sandeshaya poems (from Gurutharuwa drama) poem recital by Rathna Lalani - - |
සිරීපාදෙ වන්ඳවන්න Sireepade vandavanna Lyrics Rathna Sri Wijesinha Music Gunadasa Kapuge Vocals Niranjala Sarojini - - |
'පැරණි ලක්දිව සමාජයේ මාතෘ ගෞරවය' (2010) [status of motherhood in ancient Sri Lankan society] Author Indrani Munasinghe - - |